Wednesday, May 9, 2018

අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සදහා මුල් වරට නිපුනතා පාදක විෂය නිර්දේෂයක් 2009 වසෙර්දී පාසල් පද්ධතියට හුදුන්වා දෙන ලදී. ආර්ථික විද්‍යා විෂය පථය තුල පවතින සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්ව ආර්ථික විද්‍යාව, ජා‍ත්‍යන්තර ආර්ථික විද්‍යාව හා සංවර්ධන ආර්ථික විද්‍යාව යන විෂය ක්ෂේත්‍ර වල ඇති කාලින වෙනස් වීම් හා ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් 2017 වර්ෂයේ සිට අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය නිපුණතා පාදක ව නවීකරණය කර ඉදිරිපත් කිරීම සිදු කෙරේ.


අධ්‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) කලා, වාණිජ හා තාක්ෂණික විෂය ධාරාවට අයත් ඉතා වැදගත්, ප්‍රයෝජනවත් හා ජනප්‍රිය විෂයක් වන ආර්ථික විද්‍යා විෂය හදාරන ශිෂ්‍යන් අදාළ විෂය දැනුමෙන් පමණක් නොව, යහපත් ආකල්ප හා ප්‍රයෝගික කුසලතා වලින් හෙබි තාර්කික පුරවැසියන් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඵලදායිව හා කර්යෂමව දායක වේ යැයි අපේක්ෂා කෙරේ.

අර්ථික විද්‍යාව එදිනෙදා මිනිස් ජීවිතයට ඉතාමත් සමීප සමාජීය විද්‍යාවකි. මිනිසා සමාජයේ හැසිරෙන ආකාරය විවිධ දෘෂ්ටි කෝණ වලින් අධ්‍යනය කිරීම සමාජීය විද්‍යාව මගින් සිදු කරන අතර, මිනිසාට සමාජයේ හැසිරෙන ආකාරය ආර්ථික දුෂ්ටි කෝණයෙන් දැකීම හා අධ්‍යනය කිරීම ආර්ථික විද්‍යාව විෂය මගින් සිදු කෙරේ. මේ නිසා සමාජයේ ජිවත් වීමේදී තාර්කික පුරවෙසියකු ලෙස එදිනෙදා කටයුතු කිරීමට හා තීරණ ගැනීම සදහා හොඳ පදනමකින් ආර්ථික විද්‍යාව විෂයෙන් සපයනු ලැබේ.


වාණිජ්‍ය, කළමනාකරණය හා ගිණුම්කරණය යන විෂයන් වලට පදනම වී ඇත්තේ ද ආර්ථික විද්‍යාව විෂයයි. මේ නිසා වාණිජ්‍ය, කළමනාකරණය හා ගිණුම්කරණය උපාධි පාඨමාලාවලට හා වෘත්තිය පාධමාලට  ද ආර්ථික විද්‍යාව ප්‍රධාන විෂයක් ලෙස ඇතුලත් කර ඇත. එහෙයින් මෙම විෂය හදාරන ශිෂ්‍යන්ට උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අවස්ථාද සුලභ වේ.


ආර්ථික විද්‍යාව එදිනෙදා මිනිස් ජීවිතයට සමීප ප්‍රයෝගික විෂයක් බැවින් ඉගෙනුම - ඉගෙන්වීම ක්‍රමඋපාය සැලසුම් කිරීමේදී පංති කාමරය තුල මෙන්ම එයින් බාහිරටද අත්දැකිම් ලබා  දීම මගින් විෂය නිර්දේශයේ අරමුණු  ළගා කර ගැනිම සදහා ශිෂ්‍යන් මෙහෙයවීම වැදගත් වන අතර, ගුරුභවතුන් වශයෙන් ඔබගේ නායත්ම හා ප්‍රයෝගික දැනුම යාවත්කාලින කර ගැනිමට අවශ්‍ය කටයුතු කර ගනු ඇතැ යි ද අපේක්ෂා කෙරේ.

No comments:

Post a Comment